Monday, May 5, 2014

සිරි පාද කඳු නැඟ ආවෙම්



කිරි කෝඩු වෙම්
සිරි පාද කඳු නැඟ ආවෙම්
දෙවිඳුන් කොයි නොහිම්
නොබැණම පිදූවෙම් වැඳුම්

හද රිදුණු තැන් බිඳුම්
නිවාලන කල්කය සඳුන්
අතරමඟ හමු නොවු බැවින්
විසි කළෙමි හැරමිටිද මම්

නොනිදා පහන් කළ නියං
සමයක සිහින විහිඟුම්
හද මත නඟන කල ගුම්
හෙළෙන් පැන ආලයද නොතරම්

සිඳී යන කල උවම්
කෙලෙස ලියමිද කව් පෙම්
හිරු දැක නතර වෙම්
කිකල දුක් දරනෙම් ද අසනෙම්

ඉදිකටුපාන අස නැවතෙම්
ඉදිකටු ඇනී රිදෙන සිත වළකම්
ගමනක වෙහෙස රැය මැදියම්
සිරි පද නෙළුම සිත තබා විඳ ගම්!

Picture - cy_twombly-quattro_stagioni-inverno

8 comments:

  1. ඉදිකටුපාන අස නැවතෙම්
    ඉදිකටු ඇනී රිදෙන සිත වළකම්////
    පට්ට....
    මාත් තුං පාරක් විතර නැගල තියේ ඒත් කවදාවත් කවිසිතුවිල්ලක් නං පහලවෙලා නෑ.... ඔව්...

    ReplyDelete
    Replies
    1. මම එක පාරක්වත් නැඟල නැහැ.. :( :) මේ හිතින් මවා ගත් දේවල්!

      Delete
  2. ලස්සනයි කවි ටික.
    ගිය අවුරුද්දෙ තමයි පළමු වතාවට සිරිපා කරැණා කළේ..මාත් මගේ නංගිත් හැරෙන්න සිරිපා ඒ තරම් අමාරුවෙන් කරුණා කළ බැතිමතුන් තවත් නම් ලෝකෙ නැතිව ඇති...........

    ReplyDelete