
පර සතුරො ඇවිත්
ගම් බිම් ගිනි ලයි
දොරගල පපුවට වෙඩි උණ්ඩ වැදෙයි
මට යන්න බයයි
හිත අවිය අරන්
නුඹ සුවඳ පුරන වෙල් දහස පැනන්
නුඹ සුවඳ පුරන වෙල් දහස පැනන්
අඹ මල් සුවඳයි
නා මල් නයනයි
හිත උතුරායද්දී වාරු නගන්
ඉබ්බන්නා ඔය ගල් පොත්තක් මත
අරුමටවත් නොඇහෙන්න තරං
හෙමිහිට මං ඇඬුවා
සුදු මැණිකේ
හිර කපොලු ළඟයි
හිත වෙර ම නඟයි
ආදරය කඩන් එන නහර දරන්
නුඹට අයිති මගෙ පපුව අරන් මං
ආයෙ නොආවත් පරිස්සමින්
රන් කඳ පරිස්සමින්
පරිස්සමින්
Picture - Françoise-Nielly
ඔබගේ නිර්මාණ සෑබෑ ගී නිර්මාණ බවට පත් වී තියේද?? මට ඒක දැනගන්න ආසයි වගේ..
ReplyDeleteනැත.
Delete(ඇයි, ඒක නිකං රටේත් වාසනාව වගේද :D :D )
හැබැයි ඔය හැම එකකටම මගේ හිතේ තනු, තාල තියෙනවා.. මගෙ හිතට අල්ලන මොකක් හරි ලියැවුණොත්, අපේ ගෙදර කට්ටියට එපා වෙනකල් ම ඉතින් මම ම ගායනා කරනවා.. :D
නන්දා මාලිනීට මං සින්දුවක් ලියල ඇරියෙ 6 පන්තියේදි.. :(
Deleteඒක නං පුදුමයි. එක අතකට ඔයාගේ විභාගෙට ලකුණූ නොදෙන මේ සමාජයෙන් ඊට වඩා බලාපොරෙත්තු වෙන්නත් බෑ තමා.. මම නං කැමතියි මේවට.. මාත් මේ සින්දුවට මගේ නොවන.. නෑ මගේම තනුවක් දාලා කිව්වා..
DeleteJourney of Souls: Case Studies of Life Between Lives Paperback
Deleteby Michael Newton
මෙන්න මේ පොතේ තියෙනවා එහෙම වෙන්න හේතුව. ඉපදෙන දේශය තෝරගන්නෙත් කර්ම ශක්තිය අනුවනේ.. මං කැමතියි මේ විදිහට පරණ කෝන්තර ඉවරවෙලා යනවට :)
//මං කැමතියි මේ විදිහට පරණ කෝන්තර ඉවරවෙලා යනවට :)//
Deleteඒ කිව්වේ මං එක්ක කෝන්තරයක් තිබුනද??
මං මේ කියන්නේ පෙර කර්ම ගැන..
Delete(අනේ මන්දා, මොකවත් තේරෙන් නෑනේ..) :))))
අනේ මන්ද...දැන්නං තේරුනා.. හැක්
Delete