Saturday, November 9, 2013

නොවැටහුණු නිවන

Allan R. Banks, Autumn Whispers

ආච්චීත් සීයාත් සිටි ගෙදර
කඳු පාමුලක ඇල්බීසියා තුරු දසුනක
පැසෙන පොළොස් සුවඳක් අතර
ඉස්තොප්පුවේ කුඩා පුටුවක ඈඳී
පොතක කිමිදුණු යුගය
නොවැටහුණු නිවන වූ බව
නොදැනිමි

කිරි කෝපි සුවඳකට
අර අදින සිහින් හූවක් නඟන
වතුර පෝච්චිය අසල
සන්තෝෂය ගැවසෙන
හීන් තරු එළි පිපෙන
මඳ සුළං ගෙට ඇදෙන
දෙහිවල අහස යට නිවන
කල් යන්ට පෙර සුවිඳ
විඳ ගමි

Picture - Allan R. Banks, American, Born 1948

4 comments:

  1. මුල් ටික කියවද්දි මටත් හිතුණේ ඒ කාලෙ කොච්චර නිදහස් ද කියලා.

    ReplyDelete
  2. ගමෙන් නගරයට සංක්‍රරමනය වීමේ දිඟු කතන්දරය ඉතාම කෙටියෙන් විස්තර කරලා. අපූරැයි!!! ඔබ හැබෑ දක්ෂියක්!!!

    ReplyDelete
  3. ආ අතීතාවර්ජනයක් වගේ

    ReplyDelete
  4. නිවී සැනහී යාද ජීවිතය යම් තැනෙක..
    එතැන්හිම වේ නිවන...

    ReplyDelete