Tuesday, October 22, 2013

බලා හිඳුම ය වැදගත් නො මඳ අධ්‍යාශෙන්

Greet_the_Morning

ලියනු මැන ඔබ කවි ආකාස වියන මත
වලාකුළු මත රන් රෝස පෑ තවරමින
ගංගා වළලු මතට පැන දිය රේඛා අඳිමින
මෙන්න, මා හදවත ඇති තරම් පිටු ඇත එ'මත

කැඩී බිඳී යන විට ඉසියුම් කැබලි වලට ද
මඳහසක් ම තවරා අරාජික ජීවිතේ
යළි සකර වන තුරු බලා හිඳුම ය වැදගත්
අත නොහැර ම සුවඳ නො මඳ අධ්‍යාශෙන්

කවි තරම් මිහිරි ඉසක වන අරණ අම
මුදුන් වන්නා සේ තාරකා පති යම් දින
අසු පිටින් ඇදෙනු ඇත වලා පේළිය
නියඟයට දැවුණු තුර හදට පිය මැන

Picture owner - unknown, found on the web

9 comments:

  1. අධ්‍යාශෙන් කියන වචනය මට අහු වෙලා නෑ. තේරැම මොකක්ද කියලා දැන ගන්න සතුටුයි.

    ReplyDelete
  2. //යළි සකර වන තුරු බලා හිඳුම ය වැදගත්
    අත නොහැර ම සුවඳ නො මඳ අධ්‍යාශෙන්//
    ජීවිතේ පුරාවට ම අපි කරන්නේ එක එක දේවල් වෙනුවෙන් බලාගෙන ඉන්න එක නේද?

    ReplyDelete
  3. අපි ආවමයි....ලස්සන පදබැදුම...

    ReplyDelete