බැලුම* බලන්නට හරියට බැරි වුණු හන්දා
අප්පොච්චියෙ අපිත් රටක දහ දුක් වින්දා
හරි දෙය කරනා මහතුට ගෙන ඒ නින්දා
හපුතලෙ කන්දත් කුරු වෙයි මැද දුක් කන්දා
කලා සොළොසෙ සඳ අරගෙන ඉරා ගනින් බොල
බලා නො ඉඳ හොයාපල්ල නොතිත් මොනරු කොළ
විලාපයට මොකටද කන් තලා කුසුම් තොල
වෙලාව ආවම පලයවු ඇර අපායෙ දොර - අර
වෙලාව ආවම පලයවු ඇර අපායෙ දොර
* පස් මහ බැලුම
Picture - Quint Buchholz, German, born 1957
අගෙයි!. මේක බෙර පද තාලෙකට ගායනා කරන්න උනත් පුළුවන් .
ReplyDelete//වෙලාව ආවම පලයවු ඇර අපායෙ දොර - අර.........//
ස්තූතී..
Deleteදොර ඇරියත් නැතත් ඉතිං වෙලාව ආවම යන්න වෙනවා නෙව..
ReplyDeletehm..
Delete//හපුතලෙ කන්දත් කුරු වෙයි මැද දුක් කන්දා// kathaava aththa yaluvaa
ReplyDelete//වෙලාව ආවම පලයවු ඇර අපායෙ දොර//
අද නම් හරිම ආවේගශීලි වගේ
ReplyDeleteරිත්මයේ අවුල්වීමක් :)
Delete