මගෙ හිත හොඳින් හඳුනා ගත් එක කවකි
ඒ කව ඔබ ම මිස අන් කවරෙකුද සකි
නොසැලී ළඟින් උන් දුක සැප දෙක ම රැකි
මා ගම අතැර දා ආ එක වුව පවකි
සුසුමක වුවත් ගුලි වී ඇති සියක් වැකි
මා හට වඩා එහි ඇමිණූ තිත් ද දැකි
නුඹ මෙන් නිමල මිතුරෙකු නම් මම නොදැකි
නුඹ ළඟ නැති ව අද කඳුළට වුව දුකකි
පායන වැස්ස අමුණාලා බඳින් බඳ
රෑකට වුව ද දිදුලන සිලිලාර බැඳ
මා හද ඉම්බ සුමිතුරු දොරගල කන්ද
නායට ගියේ දැකදෝ හද දුක කන්ද
No comments:
Post a Comment