Wednesday, June 5, 2013

කොහිද කෙවිලිය?

The Casino

පිච්ච සුවඳ දිය ව යයි
කඩින් කඩ වැහි දියෙහි
අඩි සැර ගමනකින් පිය නඟයි
පූජක මුහුණු
අඳිමි අළු පැහැය මත
රතු පෑ ය නොමැකෙන ලෙස
පානය කරමි පිවිතුරු කිරි දියර ඉනික්බිති

සුවඳ දුම් විසිර යයි
පිච්ච සුවඳ පාව එයි
කොහිද කලකට පෙර
මෙම මිදුල
පරවි දන වෙත
විලඳ විසි කළ
කෙවිලිය

හිත මුසපත් කර නැඟෙන
පැනය ඔබා පතුලට
තෙවරක් සිරුර
අර්ධ කොට නවා
නික්ම යමි දුමෙහි ම සැඟ ව

pic. - Raoul Dufy, French, 1877 - 1953


No comments:

Post a Comment