Wednesday, May 1, 2013

ප්‍රයිවට් බස් කොන්දොස්තර


රුපියලක් දෙකක් වුණත් හවසට ලොකු දෙයක් නෙමෙයිද
ටිකට් නොදී මඟ හැරියොත් - ගෙදරට තුනපහත් නේද
ටිකට් ඉල්ලා කෑ ගහනා දස වදයකි මේ කෙල්ල*
තවත් වරක් කෑ ගැහුවොත් කරනවා කට මෙල්ල

කෑ ගහල ම අත පය කට රිදෙනව මුළු රෑ තිස්සෙ ම
ගෙනත් ඇවිත් තෙල් ඩිංගක් උලනව එතකොට බිරින්ද
ඒත් සුදෝ හිතේ ගතේ කැක්කුම නෑ දියවෙන්නෙ ම
පොඩි අඩියක් ගැහුවට මං කමක් නැද්ද හවසට හෙම

දෙහි මල්, වැල් පුසුඹ සුළං ගී ඇහෙනව බස් එකේ ම
ඔබත් රෝස මලක් කියා මට නිකමට මතක් වෙනව
ඉස්සර පස්සට යන්නට කියමින් මං මොර තියනව
එතකොට ඔබ හිතේ කොණක ඉඳ හෙමිහිට හිනාවෙනව

* මම

Pic. - thehindu.com

1 comment:

  1. නපුරු කෙල්ලක්, නැත්තම් අර කොන්දට වද දෙනවාද?

    ReplyDelete