Wednesday, April 3, 2013

කවුරු හරි උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම්, මට කියන්න..

කවුරු හරි උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම්, මට කියන්න

මහ බැංකු විභාගේ ලිව්වා ම මට රචනාවට ලකුණු 41ක් එන්නෙ කොහොමද?

නීති නිලධාරි තනතුරට සම්මුඛ පරීක්ෂණවලදි මට පරිගණක සාක්ෂරතාවට ලකුණු 0 වැටෙන්නෙ කොහොමද?

සංස්කෘතික .... සම්මුඛ පරීක්ෂණවලදි දෙවැනි වටයට කැඳවන්නෙ ලියන කියන අය පමණක් යැයි ද පළමු වටයේදී සිදු කරන්නේ සහතිකපත්වල ඡායා පිටපත් භාර ගැනීම පමණක් බව ද පවසා ලියා ඇති පොත් පෙන්නූ පසු ව ද කිසිදු දිනෙක කැඳවීමක් නොලැබෙන්නේ ඇයි?

කෙළින් ම රැකියා ලබා දෙන විභාග කිසිවක් ම සමත් නොවන්නේ ඇයි?

පසුව සම්මුඛ පරීක්ෂණ පවත්වන විභාග සමත් වී හැම විට ම සම්මුඛ පරීක්ෂණ අසමත් වන්නේ ඇයි?

මා උසස් පෙළ සමත් වූයේ කෙසේද?

රැකියා නොදෙන අනෙක් විභාග පමණක් සමත් වන්නේ ඇයි?

තවදුරටත් මා ලංකාවේ රැඳී සිටිය යුත්තේ ඇයි?

රැඳී සිටිය යුතු යැයි ඔබ පවසනවානම්, රැකියාවක් ලබා ගැනීම සඳහා මා විසින් තවදුරටත් වර්ධනය කළ යුතු හැකියාවන් කවරේද?

3 comments:

  1. පරිගණක සාක්ෂරතාවට ලකුණු 0 ???

    ඇත්තටම ඔබට නැති හැකියාව ගැන පැහැදිලිනේ... ඉක්මණට ඇමතියෙක් හෝ ඇමතියෙක්ගේ හෙන්චයියෙක් අල්ලගෙන දොල පිදේනි දෙන්න පටන් ගන්න.. රැකියාවක් ෂුවර්...

    නයිටා එකේ තියෙනවා මාස 6ක වීක් එන්ඩ් කෝස් එකක් කම්පියුටර් ඩ්‍රයිවින් ලයිසන් එක කියලා .. ( නමට නම් වලියක් තියෙනවා.. ළඟදිම වෙනස් වෙයි.. ඩ්‍රයිවින් ලයිසන් දෙන්න පුලුවන් වාහන වලට විතරලුනේ..) ඒ සර්ටිෆිකේට් එකෙන් උසස්වීම් ලබාගන්න පුලුවන් රජයේ සමහර ශ්‍රේණිවල... පළවෙනි දවසේ පැය 8ක්ම ඉගැන්නුවේ ස්ක්‍රින් සේවර් එක මාරු කරන විදිය, අලුත් ෆොල්ඩර් එකක් හදන විදිය ඔන්න ඔහොම ඒවා... ඒවත් නොදන්න රජයේ සේවකයෝ ඉන්නවා කියන එක නම් පැහැදිලියි තමයි..

    ඒත් මේ ඔයාට පරිගණක සාක්ෂරතාව 0 කියලා කියනවා නම් ඉතිං අනිවා දෝල පිදේනි තමයි අඩු කියලා මට හිතෙනවා...

    ReplyDelete
  2. එහෙම වෙන්නෙ ඇයි.. අයි ඩෝන්ට නෝ වයි.

    ඔබ හොයන්නේ රජයේ රැකියාවක් බව නම් පැහැදිළිවේ.

    ReplyDelete
  3. ඔබ දේශ ද්‍රෝහියෙකි....... වහාම ඔබ විසින් සාටකයක් පලදවාගෙන රජ මාලිගාවේ රෙදි සේදීමට යා යුතුය... නැතහොත් බඩ තඩි දේශප්‍රේමියෙකුට පතිවත පුජා කල යුතුය.....

    ReplyDelete