සංතාපයේ සංධ්වනියද ගයන්නේ
බස් රියෙන් බස් රියට ගාටමින් ඇදෙන්නේ
වෙව්ලුවා ඇද හැලෙන ස්වරය දිග හරින්නේ
පුතෙකු හෝ දුවක යන රිය පෙළද සොයන්නේ
ළෙහි හොවා තැනු දරුන් පෙළින් පෙළ නැඟ සොඳා
දයා බැල්මක නැති ව මඟ හසර ගිය දමා
කිසි විටෙක නොදත් දරු කැලක් වෙත පය තබා
හැකිළ ගිය කුසට ඉල්විය හැකිද දරු පෙමා
නිම් තෙරක් නැති අහස දෙස බලා හිතන්නේ
ඉතින් කවි ගයන්නේ.. ඉතින් කවි ගයන්නේ
පාට කළ හැඹිලියත් අරන් එදවස මෙමා
පුතු දුවා රැගෙන දුර සිදාදියටත් ගියා
උනුන් වත සිනා ගෙනෙනා අරුම මන්තරේ
හඳුනගෙන හැඹිලියත් එදා ඔච්චම් කළා
වැල් ලිහුණු පෑ මැකුණු අතේ සිර වී මෙදා
කල් ගෙවුණු හැඹිලියත් හඬනවද මුව නොපා
pic. - www.zimbio.com
දරුවන් හඬන විට නැළවිලි ගැයූ අම්මා
ReplyDeleteදරුවන් හදා උන් රජ කරවූ අම්මා
දරුවන් නැති සොවින් දුක් විඳිනා අම්මා
දරුවනි මෙහෙ බලවු මේ සැමගේ අම්මා