Sunday, March 3, 2013
මිය යන විට ඈ කීවේ
ඈ මිය ගියා
හංස විලේ දියෙහි ගිලී
මිය යන විට ඈ කීවේ
මැන්ඩලීනයක් හඬන්නා මෙන්
ඇගේ ආලය හඬන බව වේ
සරත් සමයේ තැනක ගිලිහී
විලට වැටි පත් දරා වැළපී
සුසුම් ගිලිහෙන විටදී කැලතී
රවුම් මැවුවා විලේ රැළිතී
එවන් රවුමක නිසංසල වී
හද ගැඹර මෙන් පත්ල සිඹිමින්
අවසන් ම පද ගැහුණු ස්වරයෙන්
මේපල් පෑ කහ දෑස කීවේ
ඇගේ ආලය හඬන බව වේ
වලා විල දිය රැඳෙන පරිදී
ගලා යන දිය නොරැඳෙනා බව
වහා තේරුම් ගත්තු විලසින්
වතාවේ අවසන් ම ඇය කීවේ
ඇගේ ආලය රිදුණු බව වේ
තව ම පණ නල ගැසෙන බව වේ
pic. -Lucien Lévy Dhurmer, French, 1865 - 1953,
"Ophelia, Portrait of Suzanne Reichenberg
Subscribe to:
Post Comments (Atom)
කඳු අතරේ සිර වු සිතුවිලි සංවේදියි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
වලා විල දිය නොරැදුනාවේ
ReplyDeleteගලා යන දිය නොරැදුනාවේ
පලා ගිය ආලය ගියාවේ
අතීතය ගෙවිලා ගියාවේ.
ගෙවුනු කාලය නොගත් හැකිමය
රිදුම් දුන් හේතුත් මැකේවිය
වහා තේරුම් ගැනුම මැනවිය
සියළු දේ පාලනය නොහැකිය
පසක් කල විට
ලොවේ ඇති තතු
නැවතුමත් ඇත
අපේ සිත ලඟ
Harrima lassanai...
ReplyDeleteවලා විල දිය නොරැඳුනාවේ
ReplyDeleteගලා යන දිය නොරැඳුනාවේ
පලා යන ආලය ගියාවේ
වැටෙන කඳුළැල් වියැකුනාවේ
වහා තේරුම් ගන්න මේ දෙය
ලොවේ නැත කිසි දෙයක් ඉස්තිර.
රිදෙන ආලය පවා මේ ලෙස
නොවේ ඉස්තිර, වෙනස්වේ එය..
පසක් කලවිට ලොවෙහි අස්තිර
පලා යනු ඇත හදෙහි රිදුමද
නැවත කිසිවිට නොරිදෙනා ලෙස
සෙමින් හදවත පුබුදු වනු ඇත.