Wednesday, February 20, 2013

නුඹ නාවා නම් අත්වැල වන්නට



කදෝකිමි එළි තබා තුරු පතර
මල් මඤ්ජරිය අතුළ මඟ අතර
නිරිඳ නුඹ ඇස හදේ පණ අකුර
කලඹවා නැඟෙන ගන නිල සයුර..

සියුම් දළ රළෙහි කිමිදී
නුඹේ නිල් දෑස හමු වී
පිපුණු සයුරෙන් මතු ව නැඟි
සයුරු ගොස රිත්මයයි මේ

වියා විසිතුරු වියමනක් මම
පෙරා ගමි මුදු සොඳුරු මඳ නල
තියා 'රුංගල් සුළඟ යන මඟ
අසා ඉමි ඉන් නැඟෙන මිණි හඬ

නුඹ නාවා නම් අත්වැල වන්නට
වියැකී යමි හිරු ගෙනෙන පබාවේ
මා තනි වී රුදු අඳුරු ප්‍රපාතේ
තුහින සමඟ දිය වෙමි ය ප්‍රභාතේ...

pic. - bobtowery.typepad.com

No comments:

Post a Comment