Sunday, January 27, 2013

තලන්නෙද මල මනරම්


මා වසන් වසින මෝසම්
නඟන්නේ හද දිය ගුම්
හඬවමින මඳ ගොර බිරම්
තලන්නෙද මල මනරම්
 
වන මැදට ගෙන පුර සඳ
කවි ලියන මුදු සිඳඟන
නුඹ ය සිප ගනු බැරි වුණ
කවි පොතේ සකු දෙනයන

රැයෙහි ඇවිලෙන ගිනි මැල
මෙන්ද ඔබ අත තේ මල
තමලිනී මා හද දුල
කඳුළ වුව මේ හැටි මිල

තියා කඳු මුදුනත ඉර
බුබුළු දමමින් ඇවිලෙන
සැඟවෙමු ය අපි ගල් කුළ
වසන්තය කැටයම් වුණ

කුමට පසු කර උදමන්
රුදා දෙවනව බෝ නම්
මලින් බර වුණු තනිකම්
සිඳ දමමි මුදු තටු මම්

pic. - littleblackbookdelhi.com

3 comments:

  1. පට්ට ලස්සන කවියක්......

    ReplyDelete
  2. අරුත් බර පද පෙළක්.. රසවත්.

    ReplyDelete
  3. මමත් මේ ඡායාරූපයට කවියක් ලිව්වා ඒත් ඔහේගේ ඒවත් එක්ක අහලකින් වත් තියන්නෙ බෑ...

    http://pinthuru.blogspot.com/2012/11/blog-post.html

    ReplyDelete