Monday, January 21, 2013

ඈනුම් අරින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව

 
ඈනුම් අරින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව
ගිල ගනිමි ඇස් දෙකින්
කට පාඩම් කරමි මහ හඬින්
කුමටද කා වෙනුවෙන්ද නොදන්නා නුමුත්
හිස් කොළ මත වමාරනු පිණිස ම

දහ අටක දරු පරපුර සමඟ
එකෙක පෙළ හිනා වෙයි
කවියක් ලියපන් මා මතක හිටින්ට
මෝල් ගස මෙන් බර පෑන
අත හරිමි පොත මත
විලාපය තබන පත් පිටු
ඉඳිකටුවලින් හිල් කරමි

කා වෙනුවෙන්ද
මා වෙනුවෙන්ද
කොතෙක් පාඩම් කලත්
කොතෙක් වැමෑරුවත්
ඡායා පිටපතක් ලෙසින් ම
නිකුත් කළ පසුවත්
ලකුණු බින්දුව ම වන උන් වෙනුවෙන්
උන්ගේ ම පොත පාඩම් කරමි

8 comments:

  1. සුපිරියි කඳු... දැන් තමයි ට්‍රැක් එකට එන්නේ... විය යුත්තේ මෙයයි... නමුත් ඔබෙත් වැරද්දක් පෙන්වා දිය යුතුයි. අන් අයගේ රසිකයකු වන්න. එවිට ඔබ තවත් බැබලෙයි....

    ReplyDelete
  2. ඔබ ඔතැනම ඉන්න අපි එන්නම්...

    ReplyDelete
  3. උස්ව නැගි කඳු
    දෑත විහිදා
    බිස්ස අත්ගෑ
    කවි පෙලක්

    ලස්සනයි ඔයාගේ බ්ලොග් එක

    ReplyDelete
  4. ඔන්න අපිත් පාර සොයන් ආවා
    මාතලන් පෙන්වු පරිද්දෙන්
    සුභ පතනු හැර වෙන කුමක්දෝ
    කියන්නේ කදු වතට දැන් මා.....

    ReplyDelete
  5. ඇත්තටම කඳුගේ කවි ගොඩක් කියෙව්වා කියාගන්න බැරි තැනක හිත නැවතුනා. ඒ කවිවල අමුතුම මිහිරියාවක් දැනෙනෙවා..
    ඔබට හදවතින්ම සුභ පතනවා.දිගටම ලියන්න ....
    පාර පෙන්වූ මාතලන්ටත් ස්තුති කරනවා.
    සතුටුයි ....තවත් සුන්දර මිනිසෙක් හමු වුනා...............

    ReplyDelete
  6. බ්ලොග් ලියන්නේ බැබලෙන්නද ? තමන්ගේ හිතේ තෙරපෙන දේ එලියට දමා හිත නිදහස් කරගන්නද?යතාර්ථය නොදකින,අඳුරේ අතරමං වූ ,වල්මත් වූ එවුනට එළියක් ලබා දෙන්නද? ........... බ්ලොග් ලියන එක එක පුද්ගලයින්ගේ බලාපොරොත්තුව මින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම විය හැකියි.නුඹ ලියන්නේ නම් බැබලෙන්නට නොවන බව ඉතා පැහැදිලියි(පැය නමයක වැඩ වරුව + පැය හයක ගමන + පැය හයක නින්ද + පැය තුනක ගෙදර වැඩ.. බරපතල ලෙස නොපෙනෙන සහ තුවාල වුණු ඇස්... ) තව තවත් ලියන්නට දිරි ලැබේවා !


    ReplyDelete
  7. ඔබ ලියන්න.. මමත් එන්නම් හැකි සෑම විටම කඳු බලන්නට/ කවි කියවන්නට..!

    ReplyDelete
  8. මාතලන්ගේ පොඩි සටහනක් තිබුනා. නමුත්, මේ වනතුරු මට මේ සයිට් එක හමු වූයේ නෑ. ඉඳ හිට හරි තිබෙන කාලය අනුව පැමිණෙන්නම්....

    ReplyDelete