Wednesday, May 22, 2019

මගේ හදවත පුරා කළු මල්


මගේ හදවත පුරා කළු මල්
පිළිස්සුණු මල්, දැවුණු මල්
කතා කරන්නට හිනා වෙන්නට බැරි මල්
අත්වලින් වැළඳගෙන තරයෙම
රැකගන්න නොහැකි වුණ මල්
හීන් හිනා අරගෙන හදිසියෙම
මකා දැමූ පිළිස්සූ මල්
සිහින පොදි දරා වැළපෙන
කතා කරගන්න බැරි මල්

මගේ හදවත පුරා කළු මල්

Picture - magnaflor.com

No comments:

Post a Comment