Tuesday, November 6, 2018

විශ්වයේ ගැඹුර

මවුවරුන් සහ දරුවන් සිටින
විශ්වයම එකම වේදනාවකි

මවක නොවීමේ දුක පමණමය
මවක වීමේ දුකද බය
හුස්ම ගණන් කරමින් සිටින විට
උත්තර ධැරවය මෙනි සිත
ගිලෙන කිසිවක රසක් නොදැනෙන
වේදනා එනනත් කළ ඇසිල්ලක
අහිමි වේ යැයි දැනෙන බිය
මහමෙරට වඩා විසාලය

විශ්වයේ ගැඹුර සොයා ළත වෙන
විද්වතුනි ඇසිය යුතු මවකගෙනි එය
දරුවන් ලද සහ නොලද
මවකගේ සෙනෙහස දුකද බය
විශ්වයේ ගැඹුර පමණ සහ
ඊටත් ටිකක් වැඩිපුර!

4 comments:

  1. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete
    Replies
    1. අකැමැත්තක් නැහැ.. ස්තූතියි යෝජනාවට!

      Delete