Monday, August 10, 2015

විප්ලවවාදියෙකුගේ ප්‍රේමය



නිෂ්පාදන ක්‍රම ගිරවක වගේ කියවන කොට
දඩස් ගා හිස කඩා වැටේ පාතට
දෛලෙක්තික' වාදය රෝදයක් මෙන් කරකැවෙයි හිස මත
කරුණාකර 'පලිය' යන වදනට
වෙනත් වදනක් සොයාගෙන පැමිණෙන්න

හුදෙකලා කුටියක වැතිර මැදියම් රැයක
ගන කළුවරට ඇස අයා
විප්ලවය නොව ඔබ පතන්නේ
විප්ලවවාදියෙකුගේ ප්‍රේමය
නොසැලෙන තිරසර ගැඹුරු බැල්මක කැටි වේ සියලු දෙය
අපමණය විශ්වාසජනකය උපමා විරහිතය
උණුසුම් නොවන්නේ නම් ඔබ පොදු දන සුසුමින්
හිම කැට තරං සීතලය

එහෙත් එය
එක ක්ෂණයක් මුළු භවයක් වන තරමට ස්ථිරය

තනිව හුදෙකලා වී තැනෙක
සිටිනු ඇත ඔබ මෙන් තවත් මිනිසුන්
ස්නේහයෙන් ජ්වලනය වන්නේ ඔවුන් හද
විසි කරන්නේය ආත්ම ලාභය
නිහඬව සිටින විට පවා
සියලු කවි අහසට විසි කරාක් මෙන්
රැව් නැඟෙන්නේය

විප්ලවවාදියා විප්ලවය වන්නේය.

Picture - Alexey Slusar

7 comments:

  1. මට නං කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. මම නම් මරණාසන්නයි..

      Delete
  2. විප්ලවවාදීන් ටත් ප්‍රේමය අවශ්‍යය. නමුත් ප්‍රශ්නය වන්නේ ඔවුහු වරෙක විප්ලවයට ප්‍රේමය පාවා දීමද ප්‍රේමයට විප්ලවය පාවා දීමද කරන නිසාය. - අජිත්
    මම විප්ලවය වෙනුවට ප්‍රේමය තෝරා ගතිමි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ආත්ම ලාභය අත හැර ප්‍රේම කරන්න පුළුවනි නම්, ඒකත් සැබෑ විප්ලවයක් තමයි..

      Delete
  3. දෛලෙක්තික' වාදය කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. http://free-unbound.blogspot.com/2012/05/blog-post.html

      kiyawanna

      Delete
    2. සමහර දේවල් හොයා ගෙන ඉගෙනගන්න ඕනෑ බස්සො..

      Delete