Tuesday, July 7, 2015

උල්පතක් වළකන්න බැරි වග



පුදුමයි ඉඩෝරෙට නොහිතෙන තරම
උල්පතක් වළකන්න බැරි වග

තුරු වදුලු හිනැහී කතා කරන කල
කළු ගලක් වගේ කළු වෙයි
හොරෙන් දොර කවුළු වසා
පිට අයට පුහුණු දෙන කොට
කුහක යන වචනයට තව තව හරණ බිහිවෙයි

මල් පිපෙන හිත් ගැන ඉඩෝරය නොදනියි
උල්පත් දිය මඟක් වී ගලනවා තමයි
වළකන්න නම් බැරි වෙයි

Picture - Evgeni Erokhin

2 comments:

  1. මේ කවියයි, "දිනෙක ඔබ කොරිඩෝරයේ ඇවිද යනවිට" කවියෙයි සම්බන්ධයක් පේන්නෙ මම කියෙව්වා වැරදිද මන්දා. :D

    ReplyDelete