බැඳුමෙන් මිදී යන අහසක් වගෙයි මං හිටියෙ
හිටිහැටියෙ පැණි තාලියකට වැටුණු කුහුඹවක වගේ විනාස වෙලා ගියා
ආලෝකයක් වන්ට හිටි 'මුත් ඇස් නිලංකාර වෙලා ගියා
ඒ අතර ආපහු ආලෝකය!
මට මහා ආයුෂ්මතුන් වහන්සේලා සිහි වුණා
කොතරම් පියකරුද
කොතරම් සෞම්යද
කොතරම් සුන්දර මිනිසුන් පෙළක්ද දැල්විල නිවිල ගියේ
අන්න ඒ වගේ මමත් නිවිල යන්න ඕනෑ!
Picture - Carlos Blanco (White)
නිවෙන්නට නම් එලෙස
ReplyDeleteපත්තුවනු නවතනු බැරිද
දැනසිට?
පත්තු වී ඇත දැන හෝ නොදැන
Deleteනිවී යා යුතුය
පූර්ණාලෝකය ලබා එබැවින