Saturday, April 25, 2015

ඒ ළමයා



ඒ ළමයා දැන් වියැළුණු පරඬැල වාගේ
ලොකු ළමයෙක් වෙන්න හිටං ආ ගිය දුර දුර වැඩියිලු
මල් පෙති සිඳිලා ගං ඉවුරට වැදිලා
තැන තැන සායම් වියැළුණු
මේපල් කොළයක්
සුළඟට වැටිලා

Picture - Marta Wołtosz 

7 comments:

  1. පුංචි හරි ඔත්තුවක් දුන්නනම් තේරුම් ගන්නත් තිබුණා.. :)

    ReplyDelete
  2. මේපල් කොළයක් කියන්නෙ

    ReplyDelete
    Replies
    1. කැනඩාවේ ජාතික සංකේතයක් නේ බං.. ඔය ඕටම් කියල හෙම පෙන්නන්න දාන්න් කහ පාට කොලයක්..

      Delete
  3. කළ්‍යාණ,

    ඔත්තුවක් නේද ඕන? ඉඳපං...

    මන්දාකිණියක,
    තරු පොකුරක් මත,
    අසුරු සැණක් වන් නිමේෂයක එක,
    සීතල වූ කඳුලක් දිලිසෙන සඳ,
    අර කිව් ළමයගෙ සායම් තැවරූ,
    සිතුවම බොඳවේ මිහිදුම් සළු මැද,

    සක්සුදක්සේ වැටහිණියැයි සිතමි....:)

    ReplyDelete
  4. ඔයැයිත් දැං හිටං ද?

    ReplyDelete
  5. අනේ මන්දා.කර කවලා පොලේ ගහලා ඈතට විසික්කා කරපු එකෙකුට දැනෙන හැඟීමම තමයි මටත් දැනෙන්නේ

    ReplyDelete