Thursday, March 6, 2014

පෙනෙන්නෙ ම දියවෙන කඳුළු බිඳුවක්!



පහුකරන්නැති නොයෙක ගම් බිම් එක පයින්
ඉර උදා වෙන්නට කලින්
දේශයෙන් පලා යන තහනම් සිරකරුව

එහෙත් පැන නැති අරුම
මගෙ හද වැටින් තව ම ඔබ

සිසිරය, හිම සමඟ ගිනියම
ලියන හැටි ඔබ රස කර කර
එහෙත් ඔබෙ හිම මිදුණු හදවතේ
පෙනෙන්නෙ ම දියවෙන කඳුළු බිඳුවක් මට

Picture - Murman Kutchava, Georgian, born 1962

2 comments:

  1. අන්තිම වචනෙ මම වෙන්න ඕනද?

    ගින්දරක් නොපෙන්නා ඇවිලෙන
    හිම මතින් තවම මම ඇවිදිමි
    කුණාටුව පෙරදිගින් හමනතුර
    ඔබේ පාසලකුණුත් මැකෙනවිට

    ReplyDelete
    Replies
    1. කුණාටුවට ගසා යමි
      හිම තුඩින් ඇන ඇන
      වෙරළ තුඩක නවතිමි
      මායාවක් නොවෙන වේදනාවක
      අකුණකින් හිරි වැටී
      නිදි වැටී මෙන් පසු වෙමි
      ආදර කතාවේ
      ඔබ යන්න ගිය කොටස
      විතරක් හිතින් ගෙන
      වළලමි!

      Delete