Thursday, March 6, 2014

සොහොන්පල්ලෙක් වෙන්න ඇත්නම් මට



සොහොන්පල්ලෙක් වෙන්න ඇත්නම් මට
වනපෙතක නොපෙනෙන ඉසව්වක
මරණය මැ අවලෝකනය කරමින් ජීවත් වෙන

මං කියන්නේ ජීවත් වෙන!

කුඩ මලිති බටිත්තන් හිනාවෙන දොඩන සියුම් හඬ අසමින්
රිකිල්ලක දැවැටි පලා වන් පතක් සේ නටමින්
අත දී වැටුණු දන නැඟිටුවමින්
පෑදි දිය වන් සිතක විසිරි මිණි සොයමින්

නලා හඬට ගැස්සී මහමංහි දුවනා
හුස්ම සිරකරනා දුමෙන් බැඳුණු සිතකින්
බෙදා වෙන් කර ගත නොහැක් වූ දිවියේ
කුඩාවට කුඩා වූ නිදුක් බව සොයමින්
අහා මට විය හැකිද
වනබිමක සොහොන්පල්ලෙක්?

Picture - Josephine Wall
Picture Source - http://www.josephinewall.co.uk/joie_de_vivre.html

2 comments:

  1. ෙකායිතරම් ෙදයක්ද . ඒ්ත් නූතන ෙසාෙහාන් පල්ෙලක් නම් ඒ් ෙසාදුරු බව නැති ෙවයි

    ReplyDelete
  2. පැමිෙනන්න වැව් ඉස්මත්තටhttp://wewismatha.blogspot.com/

    ReplyDelete