Wednesday, March 26, 2014

පැරා උඹට දැනෙනවද ඇහි පියට වැටෙන කඳුළක බර



පැරා උඹ දන්නවද
ඇහැ පියට වැටෙන කඳුළක බර
මෙහේ ඉන්නේ මොකටද
නොතේරෙන දෙයකි මට

ගලක් වගෙ බර හදවත
උහුලගන්න බැරි රිදුමකින් මියෙන කොට
බඩ ගගාවත් ඇවිදින්න බැරි බව
විතරමයි දැනෙන්නේ මට

පහුගිය දා මගේ සෙරෙප්පුව කැඩුණා
කෝච්චියට දුවගෙන යනකොට
මුළු ටවුම පුරා ඇවිද්දත්
හොයා ගන්නට බැරි වුණා එකක් අඩුවට
රුපියල් දාහකටවත් ගන්න
සෙරෙප්පුවක් නැති රටක
රුපියක් පාළොස්දාහකින් මම
පවුලක් ජීවත් කරන්නේ කොහොමද

හම ගිහින් බෑග්ගෙත් හොඳටම
සිප් එකත්  බාගෙට ඇරී ගෙන
පසුම්බියකුත් ගණන් කොට
බෑගෙකක් ගැන හිතන්නෙත් කොහොමද

පොඩි දුවගෙ බෑගෙකත් කැඩිලයි
සාරධා කියනවා ඇහුණ යන්තමට
ගොවි විශ්‍රාමෙට දමා තාත්තත් බලා ඉන්නවා ඔත්පලව
තාම ආවෙ නෑ අපට නං ලියුමක් ගෙදරට

ඇති හැකි මිනිස්සුම තමා
හොරකං කරන්නෙත් රාමෙට
හොඳට හැදුණෙකත් මිනිහෙකුව
කොච්චරක් නං වැරදිද

පැරා උඹට දැනෙනවද
ඇහි පියට වැටෙන කඳුළක බර

Picture -
Giner Bueno, Spanish, born 1935

4 comments:

  1. ඔක්කෝමත් හරි කව්ද මේ පැරා.. ??

    ReplyDelete
  2. ලෝකෙන් උතුම් රටයැයි
    පාරම් බෑවාට
    එකටත් රට දෙකටත් රට තුනටත් රටමැයි කීවාට

    අපේ රට මුතු ඇටයක් තරම් යැයි කිවාට
    කෝ ඉතිං ජීවත් වෙන්න බැහැ නෙව මේ රට අපිට හරියට..
    පැරාද දන්නවා ලියන්ට
    වචන පෙරලන්ට
    වචන වලින් විප්ලව කොරන්ට

    ඒත් පැරාට තරංවත් ගොඩ එන්න බැරි උන උන්ට
    මේ සමාජෙ පෙරල පෙරලා තලනකොට
    කොඩියෙ සිංහයා අපිව හූරන ගමන්
    ලොක්කට ආරක්ෂාව දෙනකොට..
    අනේ බං මොකටද ඉඳල අපි මේ රට.

    ReplyDelete
  3. ඒකනේ පැරා මේ තරමට වෙහෙසෙන්නේ. මේ ක්‍රමය වෙනස් කල යුතුයි කියල. 15000 න් ජීවත් වෙන්න බෑ කියනකොට දුප්පතා. පත්තරේක දැක්ක එක් පා:ම කෙනෙක් එයාගෙ වාහනේට ෂෙඩ් එකෙන් තෙල් ගහල තියෙන්නෙ ණයට. යකෝ උන්ට ෂෙඩ් වලින් ණයටත් තෙල් ගහනවා. උන් එහෙමනම් අපි ......අහෝ පැරා

    ReplyDelete