Friday, March 21, 2014

මා වැරදිදැයි ඇසූවෙමි

Elena Kukanova

හදිසියේ පියෑඹුවෙමි
මිතුරියගේ නිවහනට
හේත්තුව හුරුපුරුදු ඉස්තෝප්පු කණුවට
මා වැරදිදැයි ඇසූවෙමි මම

කලකට පෙරාතුව මම
එතැනටම වී
හැඳ සිටි වූල් කබායෙහි
සියුම් ලොම් ගලවමින්
සඟවාගෙන සීතලෙන් ගැහෙන දෑත්
මා ඔහුට ආදරය කරන බව පැවසුවෙමි
එවන් උදා සන්ධ්‍යාවන්හි
ආදරයෙන් මුසපත් ව උන්නෙමි

මා ඇවිද ගිය එක ඈතට
වැරදිදැයි ඇසුවෙමි මම ඇගෙන්
ඈ කිසිත් නොකියා ඈ අත
තැබීය මා සුරත මත
වියපත් ව ගොස් තිබිණි ඇගේ අත
මගේ අත තරමටම

Picture - Elena Kukanova, Russian, born 1979

2 comments:

  1. මීදුම් පාට පුංචි කවියක්
    මවන්නේ කොහොමද
    මෙතරම් බර හැඟුම්?

    ReplyDelete