Friday, February 7, 2014

ධාරාණිපාත වැස්ස

ඉන්නවද ඔබට පෙම්වතියක්
ඈ කොහේ කෙනෙක්ද
හාවර්ඩ්ද ඔක්ස්ෆර්ඩ්ද
ප්‍රින්ස්ටන්ද කේම්බ්‍රිජ්ද
සුදු කෙනෙක් වෙන්න ඇති නේද?

එහෙම නම් මෙහෙ කෙනෙකුට වඩා
හිත හදාගන්න ලේසි ඇති
මං දන් නෑ මට හිතෙනවා එහෙම

මට මතකයි තව ම
ඔබේ ගණිතමය ඇස්
වෙන පිරිමි ළමයි වගෙ
ගැහැණු ඇස් නොසෙව්ව
ඒත් නිකමට හරි
ඔබ මලක් දෙස බැලුව විට
ඇඬුව කඳුකරයම
මහ රත් මලක් වගෙ
කොපුල් රතු කරගෙන

කොයි කාලෙකට ඉස්සරද
දැන් ඕව මොකටද
ධාරාණිපාත වැස්ස දැන්
වහින්නේ කඳුකරයට
නිකමටවත් මං යන්නෙ නෑ
තෙත් වෙලා තෙමෙන්ට

Photo Courtesy - 'Say Anything' Movie

7 comments:

  1. ගති.. ඇත්තටම ලස්සනයි... ඊට වඩා දෙයක් කියන එක කවියට කරන අසාධාරණයක්

    ReplyDelete

  2. මීදුම එතූ හිරිකඩ
    හැන්දෑ අඳුර සීතල
    අමතක නොවේමය
    දියපාසි බැඳී හිතේ
    යලි යලිත් උඩට එන
    රිදී රේකා මතක
    හිත රිදෙව්වත් සුවයි !

    ReplyDelete
  3. අමුත්තක් තියෙනවා ලස්සනයි

    ReplyDelete