Saturday, February 1, 2014

හෝ හඬ



මගේ කන් දෙකින්
නිරන්තර ඇසේ හෝ හඬ
කොළ පාට මවා හද බිම
මා ඇති දැඩි කළ ගල් ඔයෙහි හඬ

මා දෙපා යටින්
දිය කලත එහෙ මෙහෙ දුවන මින් කැල
රතු පාට ඇට මදටිය
සඟවා දුවයි දිය යට

මගෙ හද ගැහෙන හඬ
අරන් කෝවක්කෙකු තුඩ
ගැයෙන විට අසිරි නද
නටයි මොනරෙක් සලා නූපුර

මගේ කන් දෙකින්
නිරන්තර ඇසෙන්නේ හෝ හඬ
නිම්න කඳුරැළි දිගේ
රිදී සායම ගලා ගිය හඬ

Picture - Bibile, Sri Lanka

2 comments: