Saturday, January 11, 2014

සිලිලංගනා



කන්ද මුදුනත තුහින තුඩකින්
වෑස්සෙන මන රංගනා
වන්දනාවක සමනලුන් පය
විඩා නිවි සිලිලංගනා

කුංචනාදය වන පෙතින් එන
මං පෙත්හි මියු නංවනා
මල් මඤ්ජරී තැනි ගිම්තලා
රෑහි තුඩ තුඩ නැංවෙනා

අහසි'ඟුණු* මත වැටුණු සිකි පිල
සිප ගන්ට සිඳ අංගනා
දැන් එතැයි දැන් එතැයි බල බල
ගිරිස නැඟි ඉර අංජනා

*අහසිඅගුණු - අහස් අංගණය

Picture - Claude Monet - Weeping Willow, 1918-1919

3 comments:

  1. ලස්සන කවියක්. කවියක් වගේ ම තාලයක් ගැලපුවොත් ලස්සන ගීතයක් කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
  2. සිහින තොටුපොල අතැර එමි,
    නෙත් අගින් මන කල් බන්දනා,
    තුහින මල්පිපි හරිත නිම්නය,
    සිත් පහන් වන අංජනා,

    ReplyDelete
    Replies
    1. සිහිනයක මුදු සිතින් නැංවෙන
      ජල ජිද්‍ර මත ලියා ඇත මිත
      හැම උදෑසන ම'හද දැල්වෙන
      රහස නොකියා තියා සැනසෙන

      Delete