Friday, October 4, 2013

කර්තෘ අඥාත යි. කර්තෘ අඥාති යි

Raymond Savignac, Ne fumez pas, n'enfumez pas

Raymond Savignac, French, 1907 - 2002

මෙතරම් කාල තරණය වන 'රිකාවක්
දැක නැත මම කොහේවත්
කාල සිදුවීම මාරු වීම්
දැක නොදැක අහක බැලුවත්
වඩ දිය සමුළුවට
කළුනිකා තෝරගෙන
ඩේලිජෙම් කරදහියේ
දැන්වීම වැටෙන්ටත් කලියෙන්
පොල් ගහන්ඩ වෙන්ඩත් බැරි නැත
අධ්‍යාපන ආයතන
ලැයිස්තුව තව කොච්චරක්ද
විභාග සම්මුඛ වීම් කිසිවක් ද නැතුව ම
බය නෑ මුහුදෙ මාළුන්
රළට ගහ ගෙන යන
පෙනෙන නොපෙනෙන කුහුඹින්ට
ඒත් තල්මස්සු වුණත්
දැනගත යුතුයි
අප නොදැන නොඉන්නා බව
අපිත් දැනගන්න කොට මේවා මෙහෙම
ඔය ලියන කියන අය
නොදන්නවා නොවෙන බව
දන්නවා වුණත් මරණ බය
කාටත් එකයි නොවැ
ඔබ කියන්නේ
නිහඬ ව ඉන්නට ම නේද
ඒත් මියගොස් හමාරයි
එසැත් පහරින් අප
හිතනවා අපි
මේවාත් වැටෙන්නට ඕනෑ
නරකාදියේ ගිණුමට ම බව
පව් - පින් කියන එක
බොරුවක් වුණත්
කුහුඹියන් වුව ද ඇත
උර හරි කෙළින් වෙන
ඉතින් කාලයේ රඟපෑමුත්
මේ හැටි ම පෙනෙද්දී
මොකද බං දැන්වීම් දම දමා
නැති බැරි උන්ගෙගෙන් ම හූරා කන
සල්ලි පුච්චා දමන්නේ..?
මෝඩයෝ නෙවෙයි අපි
හිතා හිටියාට සමහරක් එහෙම

අර ග්‍රන්ථ ප්‍රේමයේ පුත්‍ර රත්නය
රාජාශිර්වාද මත කපා අහක බලමින් නමක්
ගියා ඉගිලෙන්නට
කෝ හිටියායැ..එක මාසයක්
ඒත් ගත්තායැ අර කපපු නම

'යෝර්ක් උපෙ හරියට නැතුව
ඌ වෙන් ලු දැන් හරි හරියට
හිටි ගමන් පෝලිමට
එක ම ප්‍රාන්තයකින් ම
ගිය කෙනෙක් කතා කොට
ඇහුවා මගෙන් උඅපාධිය කරගන්ඩ
ඒ වැටුප ඇසූ අය
කිඳා බැස්සා පොළොවට

මං ඇත්තමයි කියන්නේ
මට නම් ඕනෑ නැත දරුවන්
බොරු කියන්ඩ හොරා කන්ට උගන්නන්ඩ බැරි නම්
විජ්ජාවෙන් රවටන්නෙක්ය
ලිවිසැරි පිහිය ගෙන
කපා දැමුවේ අපෙ නම්

මෙම පෙළට යටින් ඔබ අසා ඇති
සියලු සභ්‍ය ප්‍රතිපක්ෂ
එකතු කොට
ඒකාබද්ධ විලාසයෙන්
කියැවිය යුතු බව
තැනගේ කතුවර
අදහස යි.

කර්තෘ
අඥාත යි.

2 comments: