දේවදාර ගස් පේළිය යටින් ඉඳන්
රේල් පාරෙ ඇවිදින දුම් අඟන බලන්
කතා කරපු ඉස්කෝලේ පිච්ච වැලින්
කඳුළු වැටෙනවද තාමත් නොමැති සොවින්
මිහිදුම් දිය ගලනා විට
නිම්නයෙ තුරු පත් අතරට
සිනහ වෙවී කසු කුසු ගා
හූ කිව් නිරිඳොත් සිටියා
උඩරට මැණිකේ හනිකට
බඳ සොලවා පා තාලෙට
නොතකා වගතුග අරුමැති
පිනි යායට හිනා වුණා
අපි හමුවුණු තැන නම් නුඹ
නොදන්නවට පොත් ගුලමැය
පත් ඉරුවක ඇස තබාන
ගණන් හැදුවෙ ඒ ඔබමැය
කවියක්වත් නොආ සිතට
පැන්සල් තුඩ අසරණ වී
සැලලිහිණියෙ ඉරි ඇන්ඳා
දැන නොගෙන ම නුඹ සිටියට
//කවියක් වත් නො ආ සිතට
ReplyDeleteපැන්සල් තුඩ අසරණ වී
සැලලිහිණියෙ ඉරි ඇන්ඳා
දැන නොගෙන ම නුඹ සිටියට//
ලස්සණ යි....
ස්තූතියි..
Delete"දේවදාර ගස් පේලිය යටින් ඉඳන්" -
ReplyDeleteඒ පදයම මට කවියකි, අර පෙනෙන කවුළුවෙන් ඈතට මතකය ඉගිල්ලෙන
දෙන්ට බැරිද ලියලා මට ගීතයක්?
ReplyDeleteතේමාව කුමක්දැයි
Deleteකියා එව්වොත් මැනැවැයි..
වෙසෙස් තේමාවක් නෑ මගේ හිතේ
Deleteලියන්න ඔබ කැමති දෙයක්,
බ්ලොග් එකේ දකුණු පස තිබෙන "කඳු ගී" ලේබල් එක පිරික්සා බලන්න.
Deleteකඳු ගී (21)
සමහර විට, ඔබ කැමති පද රචනයක් තියෙන්න පුළුවනි.
එහෙම නැත්නම්, මට කියන්න.. තේමාවයි රිත්මයයි... එවිට, මා අලුත් එකක් ලියා දෙන්නම්.
හොඳයි බලමුකෝ, මං තනුවක් ඔලුවට ආවොත් එවන්නම්, නැත්තං මේවා කියවල බලන්නම්, දිගටම ලියන්න, ඔබේ ලියවිලි ලස්සනයි.
Deleteස්තූතියි.
Delete