Friday, July 19, 2013

කොන්ගෝවෙත් ථෙරවාදි පන්සලක් (උපුටාගැනීම - ලංකාදීප / 2013.07.19)

කොන්ගෝවෙත් ථෙරවාදි පන්සලක්
2013 ජූලි මස 19 11:01:35 | .
අප්‍රිකාවේ කොන්ගෝවේ ථේරවාදී හාමුදුරු නමක් සියලුම බෞද්ධ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.  
උන්වහන්සේ පැවිදි වුයේ මිට වසර පහකට පමණ පෙරදීය.  උන්වහන්සේගේ නම බෝධිරාජ හිමිය. දැනට කොන්ගෝ නගර හතරක  උන්වහන්සේ  මේ වනවිට විහාරස්ථාන හතරක්  ඉදිකර ඇත. ටැන්සානියාවේ වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන්ගේ අනුසාසනා මත කටයුතු කරන  උන්වහන්සේ  කොන්ගෝ වැසියන් විශාල ප්‍රමාණයක්  මේ වනවිට  බෞද්ධ දර්ශනයට එක්කර ගැනීමට සමත්ව සිටිති.
පසුගිය මාසයේ චීනයේ පැවැති බෞද්ධ සම්මේලනයකටද සහභාගිවූ  උන්වහන්සේ සැප්තම්බෙර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධ සම්මේලනයකටද සහභාගිවීමට නියමිතය.  ටැන්සානියාවේ 1920 දී රෝපණය කර ඇති පුරාණ බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි ශාකාවක් මෑතදී එහි වැඩ වසන වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන් වෙතින් ලබාගත්  උන්වහන්සේ එයද කොන්ගෝවල රෝපණය කළහ.
මුන් වහන්සේ ඉතාමත් සංඝ ශෝභන ගුණයන්ගෙන් යුක්තවූ ආදර්ශමත් හිමිනමකි. 


 





4 comments:

  1. http://nairobibuddhisttemple.org/
    මේකත් බැලුවානම්....

    බොදු බලේ රාවණා බලේ වගේ කට්ටිය අනුගමන කරන අය මේ රටවල් වල නැතිව ඇති...නැත්නම් මේ පන්සල් මෙලාකට කුඩු කරලා බලෙන් බුද්ධාගමට හරවනවා කියලා.

    ReplyDelete
  2. කොහොමද කට්ටිය “අන්න කාපිරි හාමුරුවෝ“ යනවයි කියන කොට..

    ReplyDelete
  3. පංසල් දාගන්න නැතුව ධර්මය අපිට වටහාගන්න බැරිද? බුදුදහම දර්ශනයක් නම් ඒකට මල් තෙල් හදුන්කූරු චෛත්‍ය බෝධි නැතුව පැවැත්මක් තියෙන්න බැරිද?
    ප්ලේටෝ, ඇරිස්ටෝටල් වගේ අයගේ දර්ශන අපි දකින්නෙ එයාලගේ සබ් බ්‍රාන්චස් ලෝකෙ වටේ තියෙන නිසා නෙමෙයි. එයාල ලියපු පොත පත තිබෙන නිසා.

    මම හිතන්නෙ දැන් ඕතරයිස් ඩීලස්ලා හොයන්නෙ නැතුව කෙලින්ම ඊ බේ එකෙන් ඇමසන් වලින් බඩු ගන්න පුුලවන් කාලෙ ඇවිත්. පංසල් කියන රී ටේල් අවුට්ලෙට් තව ටික කාලෙකින් වඳ වෙලා යාවි.

    ReplyDelete
  4. සැහ්. පැය විස්සකට පස්සෙත් පෝස්ට් කටුවක් නොදාපු පළවෙනි දවසද මේ...

    ReplyDelete