Wednesday, May 15, 2013

ආයුබෝවන් ජීවිතය!!


බුමුතුරුණු මවයි උදා කිරණව
රළ රළැති නඟයි සිනා විල දිය
ආයුබෝවන් ජීවිතය
අත වනයි නිහඬ වන ගැබ

මඩ වුණු පාරවල් මැඩ
කැමතිද යන්න ඇවිදින්න
මල් පිපී නැති වුණත්
තුරු හිස් ම ඇති සැනසෙන්න

නටබුන් ව ගිය සංඝාවාස
වැල් පාලම් පොකුණු පසු කරන්
මිනිස් වස අතැර ගිය
සන්ධ්‍යා සමයක නැවතෙන්න
ශුෂ්ක බිම් සසල වන
බිම් තලා අතර වට
තෙත් කලාපීය කඳුළක් ගෙන එන්න

රාස්සිගේ අව් කැරලි
හිස පිරි මදින විට
ගල් තලාවක වැතිර හිනැහෙන්න
නග්න ගමනක් මැද දි
අතැර ගිය කවියක් ව
ඔබ යළිත් මහ ද විල පීදෙන්න

රන් පැහැති ආකාසයේ
උතුරු සළුවක් වගේ
වලාකුළු එකින් එක ගලවන්න
අඳුරු ගැහෙනා හිතේ
නිල් කැට මිණක් සේ
දැන් ඉතින් ඔබට හැක පායන්න


pic. - poweranimalsunleashed.com/enchantedforest.htm


1 comment:

  1. අද ඔබ ඇගයුමට ලක්කරමින් පෝස්ටුවක් දා තිබෙනවා සතර දිගන්තය බ්ලොගයේ... හොද විද්වතෙකුගේ ඇගයුමක් ඒක..

    ReplyDelete